ගම්මන්පිල අතුරුදන් කළ බැඳුම්කර වාර්තා පිටු 103 සුසිල් සොයාගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ගම්මන්පිල අතුරුදන් කළ බැඳුම්කර වාර්තා පිටු 103 සුසිල් සොයාගනී (VIDEO)


බැඳුම්කර වාර්තාවේ අතුරුදන් වූ පිටු 103 ගැන හේතුව දක්වන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මින් ඉහත අවස්ථා කිහිපයකදීම කියා සිටි අතර ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමින් නැවත මෙසේ කීය.

“බැඳුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් වී ඇති බව අපි ජාතියට හෙළි කළා. තවමත් කිසිම ආණ්ඩුවේ නායකයෙක් මේ පිළිබඳ කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. වාර්තාවේ අඩංගු සංවේදී කරුණු නීතිපතිගේ උපදෙස් ලබා ගන්නා තුරු අන්තර්ජාලයට මුදා නොහැරීමට ජනාධිපති ලේකම්වරයා තීරණය කළ බවට වෙබ් අඩවියක් ඊයේ වාර්තා කරලා තිබුණා. දෙවන ඇමුණුම ඉවත් කළා නම් ඒක නිශ්චිතව පෙන්වන්න ඕනේ.. අපිට සාධාරණ සැකයක් තියෙනවා අගමැතිවරයා හෝ රවී කරුණානායක මන්ත්‍රීවරයා ගැන අවාසිදායක කරුණු තමයි මේ 103 හංගලා තියෙන්නේ. “

කිසිවෙකු උත්තර දී නැතැයි කිව්වද,මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදාම ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මෙසේ පිළිතුරු දී තිබේ.

‘එක්තරා දේශපාලනඥයෙක් පුවත්පත් සාකච්ඡාවක් තියලා කියනවා අපිට ආරංචියේ හැටියට මේකෙ මුළු වාර්තාවම ඇවිත් නෑ කියල තවත් කෙනෙක් කියනවා මේකෙ පිටු 103 ක් අඩුයි කියලා. මං ගාව දැන් තියනවා වාර්තාව. මම ගත්තෙ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි අන්තර්ජාලයෙන්.මේකෙ හැටියට මුල ඉඳලා අගටම තියනවා. 17-24න්, 24-35 ආදි විදිහට මං අවසාන පිටුව පෙන්වන්නම් මේකෙ 946 පිටුවෙ තමා කොමිසමේ සාමාජිකයො අත්සන් කරල තියෙන්නේ.එතැනින් පස්සේ තව පිටු 206 ක තියනවා ඇමිනුම්.

 මේ දෙකේ එකතුව පිටු 1152 යි. කිසිම අඩුවක් නෑ. පාර්ලිමේන්තුවට හෝ කෝප් කමිටුවට අවශ්‍ය නම් ගෙන්න ගන්න පුළුවන්. මං ඉල්ලා හිටිනවා අර වගේ අදහස් කියන දේශපාලනඥයින්ගෙන් මේව හොඳට පරිශිලනය කරල අදහස් පළ කරන්න කියලා.




No comments:

Post a Comment

Post Bottom Ad