බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින
ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
කණ්ඩායම අතර අද පැවති
කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදි පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී 198ක් රැස් කළ අතර
ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05කදී එම
සිමාව පසුකර ගියා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 04ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 02
සහ නුවන් ප්‍රදීප් කඩුලු 03 බිඳ දැමු අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 57කදී ලකුණු 49ක්
කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ තිසර
පෙරේරා ලකුණු 39ක් රැස් කළා.
ශ්‍රී ලංකාව මිට පෙර සහභාගී වූ පළමු තරඟ 02ක පරාජයට පත් වූ අතර මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

No comments:
Post a Comment