පාකිස්තානයේ බොන වතුර තුනෙන් දෙකක්ම අපිරිසුදුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

පාකිස්තානයේ බොන වතුර තුනෙන් දෙකක්ම අපිරිසුදුයි


පාකිස්තානයේ සියලු ගෘහ ඒකකවලින් 2/3 පානය කරනුයේ බැක්ටීරීයා සහිත අපිරිසුදු ජලය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. සෑම වසරකදීම පාකිස්තාන දරුවන් 53,000කට වැඩි පිරිසක්
පාචනය වැළඳීමෙන් මියයන බව ද එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තා - පෙන්වාදෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදල කරන ලද කරන ලද අධ්‍යයනවලින් මෙම කරුණු අනාවරණය වී තිබේ. 

උණ සන්නිපාතය, කොළරාව, අතීසාරය සහ සෙංගමාලය පාකිස්තානය තුළ බහුලව දැකිය හැකි රෝගී තත්ත්වය යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. පාකිස්තානය තුළ වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 40කට ප්‍රතිශතයකට හා රෝගී තත්ත්වයට ගොදුරුවන්නන්ගෙන් සියයට 30කට ද හේතු වී ඇත්තේ අපිරිසුදු ජලය යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්වා ඇත.

මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටක් වන පාකිස්තානයට බිලියන ගණනින් පාඩු කරන බව ද පැවෙසේ. පාකිස්තානයේ සනීපාරක්ෂක තත්ත්ව වැඩි කිරීම සඳහා අමතරව ද ආයෝජන කළ යුතු යැයි දා 2012 වසරේ ලෝක බැංකුව අනතුරු ඇඟවිය. එමෙන්ම ජල දූෂණය නිසා පාකිස්තානයට වසරකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 5.7ක් බවත් එය ආසන්න වශයෙන් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7ක ප්‍රමාණයක් යැයි ද ලෝක බැංකුව පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad