සම අයිතීන් ඉල්ලා ස්වර්ණාත් උසාවි යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

සම අයිතීන් ඉල්ලා ස්වර්ණාත් උසාවි යයි



මුදල් අමාත්‍යංශය මඟින් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත් වී අහෝසි කිරීමෙන් පසු එම තීරණයට එරෙහිව දෙවැනි වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු 20 දෙනකුගේ එකතුවෙනි.

මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යැයි ලඝු කොට නොසලකන ලෙසත් මිලට ගැනීමට පිරිමින්ට හා සම අයිතියක් කාන්තාවන්ට නැති බව දැක්වීමෙන් කාන්තාවන් හෑල්ලු කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරිමක් බව එමඟින් පෙන්වා දී ඇත.

රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad