අලුතින් ශ්‍රී පාද මතුවුණැයි නිව් ෆෝග්මෝර් වත්තේ මඩු අටවාගෙන පුද පූජා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

අලුතින් ශ්‍රී පාද මතුවුණැයි නිව් ෆෝග්මෝර් වත්තේ මඩු අටවාගෙන පුද පූජා


අලුතින් ශ්‍රී පාද මතුවුණැයි
නිව් ෆෝග්මෝර් වත්තේ
මඩු අටවාගෙන පුද පූජා



ශ්‍රීපාද අඩවියට ආසන්න මස්කෙළිය , ගාඩ්මෝර්, “නිව් ෆෝග්මෝර්” තේ වතුයායේ  කළුගල් තලාවක තිබී මිනිස් පාද සටහන් දෙකක් සොයාගැනීම ගැන වැඩි සොයා බැලීමක් නොකරම මේ වනවිට එම ස්ථාන වන්දනාමාන කරන්නන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන්නේ වතුකම්කරුවන්ගේ අන්ධ භක්තියෙනි.
වතුකම්කරුවන් එම පා සටහන් වලට ඉහළින් තාවකාලික මඩුවක් සකස් කර පා සටහන් කහවතුරෙන් සෝදා දිවා රාත්‍රී දෙකෙහිම පුද පූජා පවත්වමින්
සිටින බවද වාර්තාවේ.


මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මේ ගැන මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබේ.
දැනට දින 05 කට පමණ ප්‍රථම නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම  මිනිසකුගේ දකුණු පාදයේ  පා සටහනක් සොයාගෙන ඇති අතර පසුව එම ගලේ බැඳී තිබූ පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා ඇත.

මෙසේ සොයාගෙන ඇති පා සටහන් දෙකේ දකුණු කකුලේ පා සටහන අංග සම්පූර්ණව ඇති අතර වම් පාදයේ සටහනේ ඇඟිළි පැහැදිළිව දර්ශණය නොවේ. මෙම පාද සටහන් දෙක අතර පරතරය අඩියක් පමණ  වන අතර පාදයක දිග අඩි එකහමාරකට ආසන්නව පවති. අඟල් එක හමාරක් පමණ ගැඹුරට මෙම පාද සටහන් දෙක කළු ගලේ දර්ශනය වේ.
පාද සටහන් දෙක හමුවූ දිනයේ සිටම එම ස්ථානයේ ආවරණයක් ඉදිකර පාද සටහන් දෙකට පුද පූජා පවත්වන අතර හඳුනානොගත් මිනිස් පාද සටහන් නැරඹීම සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව පවසා තිබේ.

වාර්තාව -හැටන් - චන්දන ජයවීර



No comments:

Post a Comment

Post Bottom Ad