පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන් අද කොළඹට : අමතන්නේ මහින්ද විතරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන් අද කොළඹට : අමතන්නේ මහින්ද විතරයි.

‘රට හැදූ මහා නායකත්ව පෞර්ෂය අබියස ගම හදන ප්‍රතිඥාව’ දීමේ සමාරම්භාභිෂේකය ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ සහභාගිත්වයෙන් අද (2දා) සවස 4.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලුම පක්‍ෂ නායකයෝ මේ අවස්ථාවට සහභාගි වෙති. එහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයෝ අපේක්‍ෂක ප්‍රතිඥාව දීම මෙහිදී සිදු කරති. 


දූෂිත ආණ්ඩුවේ අසම්මත පාලනයෙන් මාතෘ භූමිය බේරා ගැනීමේ ඓතිහාසික මැතිවරණ සංග්‍රාමයෙහි ඉදිරි පෙළ සටන් සගයන් සැම අගනුවරට රොද බඳින ‘සමාරම්භාභිෂේකය’ නමින් මෙම අපේක්‍ෂක හමුව නම්කර තිබේ. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් රට හමුවේ සිදු කරන විශේෂ ප්‍රකාශයට රටේ ආර්ථිකය සහ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක්ම ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාමූහික ගිවිසුමට අස්සන් කරන ලද දේශපාලන පක්‍ෂ සහ විවිධ සංවිධානවල නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad