මොරගහකන්ද ජලාශය ඉදිකර තමනටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලිල ජනන යන්ත්‍ර පරීක්ෂා කිරීමට ආරම්භ කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයා අතින් අද දිනයේ සිදු වූ අතර එම අවස්ථාවට සහභාගී වූ ඔහු එසේ කියා සිටියේය. ‘මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ. 1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.
ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටිය. ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ. මට හොදට මතකයි යූඑන්පී එකේ රැස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.
ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා. ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.
ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය. 2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පඹණ අවසන් වී ඇත.
Sunday, December 3, 2017
මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment