ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන් කැඳවමින් (2) වැනිදා කොළඹ සුගතදාස කීඩාංගණයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනේ නිර්මාණ කාර්යයන් රෝහිත රාජපක්ෂ (චිචී) භාරගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනට උතුරු හා නැගෙනහිර ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන් 9000 කට අධික සංඛ්‍යාවක්ද එක්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.
‘‘රට දිනූ නායකයා සමගම ගම දිනමු“ තේමාව පිළිඹිඹු වන ආකාරයෙන් වංචා දූෂනයට තිත තබමින් ‘‘ගම සංවර්ධනය කරමු“ මැයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගෙන් එහිදි ප්‍රතිඥාවක් ලබා ගැනීමටද නියමිතව තිබෙනවා.
අදාළ වැඩසටහන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අතර එහි උත්සව සංවිධානය මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට භාර දී ඇති බවත් වාර්තා වනවා.

No comments:
Post a Comment