අස්වූ ඇමති නිමල් ලංසා නැවත මහින්ද ළඟට යන බව කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

අස්වූ ඇමති නිමල් ලංසා නැවත මහින්ද ළඟට යන බව කියයි


පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා ඊයේ (28) තමන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වන බව දන්වා සිටියේය. 2015 ජනපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු එම අගොස්තු මාසය දක්වා මහමැතිවරණය තෙක් මහින්ද පිලේ රැඳී සිටි ලංසා මහතා පසුව මෛත්‍රී පිලට එක්වී ඇමති පදවි දැරූ අතර  පුංචි ඡන්දය ආසන්නයේ එම පිලටම නැවත එක්වී ඇත.

මීගමුව ගෝල්සියන් උත්සව ශාලාවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

'දැන් ජනතාව ඉන්නේ මාත් සමගයි. මමත් ජනතාව සමග ඉන්නවා. ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමග හිඳිමින් ජනතාවට සේවය කිරීමට අදහස් කරනවා. 2025 වසරේ රටේ සංවර්ධන ඉලක්ක ගැන කතා කරන්න ආණ්ඩුවකට ගමේ පාරක්වත් හදාගන්න උවමනාවක් නැහැ. ජනතා නියෝජිතයන් ලෙස අප කළ යුත්තේ ජනතාවට ඇහුම්කන් දීමයි. එහෙත් එවැනි තත්ත්වයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට අපි තීරණය කළා.

 මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුව කරගෙන යාමට තමන්ට සහාය දෙන ලෙස ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී ඉල්ලීමක් කළා. එහිදී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා එම යෝජනාවට එකඟවූ නමුත් හිටපු ජනාධිපතිවරිය ඊට දැඩි විරෝධයක් දැක්වූවා. 

කෙසේ හෝ පළාත් පාලන මැතිවරණයට පෙර දෙපාර්ග්වය අතර සාකච්ඡාවක් පැවැත්වූ නමුත් දෙපාර්ශවයේ නමාන්‍යශීලී කරුණු ඉදිරිපත් නොවීම නිසා එම සාකච්ඡා ඇණ හිටියා. මේ සියලුම දේ නිසා මට දැඩි කළකිරිමට පත්ව සිටියා.  මිගමුව ආසනයේ දේශපාලන කටයුතු අන්ත ලෙස පිරිහී ගිහිල්ලා. නුසුදුසු පිරිස් ශ්‍රීලනිප සංවිධාන කටයුතුවල නිරතවීම හේතුවෙන් මීගමුව ආසනයේ දේශපාලනය අන්තයටම පිරිහිලා ගිහිල්ලා. ආණ්ඩුවත්, පක්ෂයත් නිවැරදි මාවතකට ගැනීමට අවස්ථාවක් නැහැ. 

ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ප්‍රශ්නවලින් පැන යාමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටිනවා. ඒ නිසා මා දැරූ තනතුරු බලය හා වරපුසාද පසෙක දමා ජනතාව වෙනුවෙන් සිට ගැනීමට තීරණය කළා. ඒ අනුව මෙතැන් සිට වර්තමාන ආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව සමග සටන් වදිනවා. ඒකාබද්ධ විපක්ෂයට හොඳ දැක්මක් හා හොඳ අනාගතයක් තිබෙනවා.'

No comments:

Post a Comment

Post Bottom Ad