යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වය සහ අගමැති පාර්ශ්වය අතර ගැටුම සමනය කළ නොහැකි ලෙස උත්සන්න වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව සඳහන් කළේය. ජනවාරි 8 ආරම්භ වූ බලවේගය දෙකඩ වී ඇති මොහොතක බිඳෙනසුලු දේශපාලනයෙන් වාසි ලබාගැනීමට මහජනතාව උපක්‍රමශීලී විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේද පැවැසීය.
ජනවාරි 8 මහින්ද ආණ්ඩුවට එරෙහිව සාමුහික විරෝධයක් ගොඩනැඟුණා. අද වනවිට එම විරෝධය ජනතා විරෝධයක් බවට පත්වෙලා. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ජනවරමට විරෝධීව බව පැහැදිලිවම පේනවා. පසුගිය කාලයේ අරමුණ කුමක් වුවත් නිතරම මැතිවරණ තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දුන් කණ්ඩායම දිගින් දිගටම මැතිවරණ කල් දමලා ජනතාවගේ අයිතිය නොසලකා හරිනවා.
ජනවාරි 8 එකඟතා මේ ආණ්ඩුව නිෂේධනය කරමිනුයි සිටින්නේ. ආණ්ඩුව නියෝජනය කරන දෙපාර්ශ්වයටම අද මහජනතාව අතර පිළිගැනීමක් නැහැ. එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විවේචනයට ලක්වෙමින් තිබුණත් ඔවුන්ට ජනතාව තුළ ජනප්‍රියත්වයක් තිබුණා. එමෙන්ම ඡන්ද පදනමක් තිබ්බා. අද වනවිට මහජන ආකර්ෂණය වැඩිවෙමින් තියෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වයටවත් අගමැති පාර්ශ්වයටවත් ඒ තත්ත්වය නැහැ. ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි.
මම හිතන්නේ නැහැ බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙයි කියලා. ආණ්ඩුවට පුළුවන් මේක ඕන තරම් කාලයක් ඇදගෙන යන්න. මම යෝජනා කරන්නේ මේ වංචාවෙන් ජනතාවට සිද්ධවුණු පාඩුව නැවත ලබාදිය යුතුයි කියලයි. නීතියේ තිබෙන හිඩැස්වලින් වැරැදිකරුවන් නිදහස් වෙන්න ඉඩකඩ තිබෙනවා. මහජන අභිලාෂය නීතියට උඩින් තිබිය යුතුයි. මහජනතාවගේ අභිලාෂයන් අද උගුලක සිරවී තිබෙනවා.
– mawbima
Saturday, December 2, 2017
Home
දේශපාලන පුවත්
මහින්දගේ ජනප‍්‍රසාදය තවත් වැඩිවනවා.. යහපාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තඹේකට තකන්නේ නෑ.. මහින්ද එහෙම කලේ නෑ..- නිර්මාල්
මහින්දගේ ජනප‍්‍රසාදය තවත් වැඩිවනවා.. යහපාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තඹේකට තකන්නේ නෑ.. මහින්ද එහෙම කලේ නෑ..- නිර්මාල්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment