කැබිනට් සංශෝධනයක්.. රනිල් ඉවත් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් පත් කරන්න යෝජනා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 2, 2017

කැබිනට් සංශෝධනයක්.. රනිල් ඉවත් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් පත් කරන්න යෝජනා..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අගමැතිවරයෙක් පත්කර ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවට ශ‍්‍රීළනිප පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවද වාර්තාවේ දැක්වෙයි. ඇමති මණ්ඩල වෙනසක් පමණක් සිදු කිරීම ප‍්‍රමාණවත් බවට යෝජනාවක්ද ඉදිරිපත් වී ඇති බව සදහන්ය.

මේ අනුව බොහෝ දුරය සිදුවනු ඇත්තේ අගමැති ධුරයේ වෙනසක් නොකර කැබිනට් සංශෝධනයක් පමණක් සිදු කර ඉදිරි කාලය ආන්ඩුව පවත්වාගෙන යාම බවද වැඩි දුරටත් දැක්වෙයි. මේ අතර ශ‍්‍රීලනිප-එජාප හවුල් ආන්ඩුවේ ධුර කාලය මෙම දෙසැම්බරයෙන් අවසන් වන අතර ඉදිරියටද හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා වන යෝජනා පක්‍ෂ විසින් සම්මත කර ගනු ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad