අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථිකයට අදාළව සිදු කරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ තුළ අර්බුදයකට ලක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ ඊයේ (10) පැවති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“2008 වසරේ සිට බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ වංචා සහගත ලෙස බව අගමැතිතුමා වගකීමෙන් යුතුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා. 2008 සිට 2014 දක්වා බැඳුම්කරවල විදේශිකයෝ මුදල් ආයෝජනය කරලා තියෙනවා. 2008 සිට මහ බැංකුව හොරට බැඳුම්කර නිකුත් කරලා තියෙනවා නම් මෙකී සියලු ආයෝජකයෝ ආයෝජනය කරලා තියෙන්නේ හොර බැඳුම්කර වගේක. ඒ නිසා මේ මුදල් හෙට දවසේ ඉදන් ආපහු ගෙනියන්න පටන් ගත්තොත් විදේශිකයෝ එදාට මොකක්ද ඇති වෙන තත්ත්වය? දැන් රටේ අග්‍රාමාත්‍යතුමා කියනවා නම් මේ ලංකා ආණ්ඩුව ගන්න ණය හංගලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ ගත්ත ණය හංගලා තියෙන්නේ. පොත් වල ලියලා නැහැ. මෙහෙම කිව්වහම මේ ණය හංගන රටකට තවදුරටත් ණය ආධාර දෙන්න කැමති වන මුල්‍ය වෙළඳපොළ කුමක්ද? අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කරණු ලබන ප්‍රකාශය නිසා තව දුරටත් අපට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ණය ගැනීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතු වෙනවා.”

No comments:
Post a Comment