ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය ගම්පහ දුම්රිය ස්ථානයේ දී කළ රුධිර පරික්ෂාවක් අතරතුර HIV ආසාධිතයන් බවට සැකකෙරෙන පස්දෙනෙකු හමුව ඇතැයි වාර්තා වේ.
මෙසේ හඳුනාගත් පස්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඇතැයි
පැවසේ. මෙම රුධිර පරික්ෂාවට පුද්ගලයින් 160 දෙනෙකු සහභාගිවී තිබේ. වසර 2025 දී මෙරටින් ඒඩ්ස් තුරන් කරමු යන තේමාව යටතේ මෙම රුධිර පරික්ෂාව සිදුකළ අතර එය ප්‍රතිසංවිධානය කර තිබුණේ ඒඩ්ස් දිනයට සමගාමීවය.
මෙසේ හඳුනාගත් පස්දෙනා රෝගය තහවුරුකර ගැනීමේ පරීක්ෂණ සඳහා ඉදිරියේදී යොමුකරන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය කියා සිටී. ඔවුන් ආසාධිතයන් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සාමාන්‍ය දිවි පෙවතක් ගතකිරීමට අවස්ථාව ලබාදෙන බවද එම ඒකකය තහවුරු කළේය.
Monday, December 11, 2017
ගම්පහ ස්ටේෂන්එකේ ලේ පිරික්ෂාවකදී HIV 5ක් හමුවෙලා !
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment