ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ වන විට දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක්රිඩාංගනයේදී පැවැත්වෙන අතර සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියි.
තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියානු කණ්ඩායම නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ ශිකර් ධවාන් හා මුරලි විජය එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කළේය.
ඩිල්රුවන් එවු පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට තැත් කළත් ඩීප් ස්ක්වාලේග්හි පන්දුරකිම්න් සිටි සුරංග ලක්මාල් අතර උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට ශිකර් ධවාන් හතරේ පහර 04ක් සමගින් ලකුණු 23ක් ලබා සිටියේය.
එම කඩුල්ලත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 සිමාව පසුකිරීමට ඩිල්රුවන් පෙරේරා සමත්විය. නොදැවී පන්දුවට පහරදෙන මුරලි විජය ලකුණු 25ක්ද චිතේෂ්වර් පුජාරා එක් ලකුණක්ද ලබා සිටියි.
No comments:
Post a Comment