ෆෙඩරල්, ඊළාම් කතන්දර මැද යාපනයේ භූගෝලිය පිහිටීම වෙනස් වෙයි...! මුහුදෙන් යට වෙයි...! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 17, 2017

ෆෙඩරල්, ඊළාම් කතන්දර මැද යාපනයේ භූගෝලිය පිහිටීම වෙනස් වෙයි...! මුහුදෙන් යට වෙයි...! (PHOTOS)


යාපනය අර්ධද්වීපයට සති දෙකක පමණ කාලයක් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව යාපනයේ යම් භූගෝලීය වෙනස්කමක් සිදුවී ඇතැයි යන සැකය විශාල පිරිසක් තුල හටගෙන තිබේ. විශේෂයෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරු පවසන්නේ වර්ෂාවට පෙර යාපනයේ මුහුදු ප්‍රදේශයත් මේ දිනවල මුහුදු ප්‍රදේශයත් අතර විශාල වෙනස්කමක් දක්නට ඇති බවයි.

බොහෝ ප්‍රදේශවල මුහුදු ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඇතැම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යට වී ඇති බවද ඔවුන් කියා සිටිති. ගොඩබිම් මාර්ග රැසක්ම මුහුදු ජලයෙන් යට වී ඇති බව කියන එම කථිකාචාර්ය වරුන් එම ජලය බැස නොයන තත්ත්වයක් දක්නට ලැබීම නිසා යම් භූගෝලීය වෙනසක් සිදුව ඇති බවට සැකකරණ බව කියා සිටියි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විෂය සම්බන්ධයෙන් වු හිටපු මහාචාර්යවරයෙකු වන මෑතකදී මියගිය මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා 2006 වර්ෂයේදී අනාවැකියක් පලකරමින් ඉතාම නුදුරු අනාගතයේ යම් දවසක යාපනය අර්ධද්වීපය තුල විශාල භූගෝලීය වෙනස් කමක් සිදුවන බව ප්‍රකාශ කල අන්දම යළි සිහිකරණ යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරුන් කියා සිටින්නේ එම වෙනස සිදුවීමේ මූලික අවස්ථාව යාපනයට පැමිණ ඇතැයිද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් අරම්භ කල යුතු බවයි.

යාපනයේ සාමාන්‍ය ජනතාව මේ සිද්දියත් සමගම තරමක් බියට පත්ව සිටින අතර ඔවුන් විශ්වාස කරන්නේ ඉතාම නුදුරු දිනයකදී යාපනය පලාතට සුනාමි ව්‍යසනයක් පැමිණිය හැකි බවයි. යාපනයේ භූගෝලීය වෙනසකට ලක් වී ඇති බවට සැකකරණ යාපනයේ ගොඩබිම් ප්‍රදේශ දෙකක ඡායාරූප පහත දැක්වේ.



දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad