දින තුනකට කළින් රට ඉඳන් ලංකාවට ආ ඉංජිනේරු ලුමාල් පැදවූ සුපිරි රිය විදුලි කණුවේ හැපී මරුමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

දින තුනකට කළින් රට ඉඳන් ලංකාවට ආ ඉංජිනේරු ලුමාල් පැදවූ සුපිරි රිය විදුලි කණුවේ හැපී මරුමුවට

අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථයක්‌ එහි වේගය පාලනය කරගත නොහැකිව පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත්වී රථයේ ගමන් ගත් තවත් පස්‌දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි. මියගිය තරුණ ඉංජිනේරුවරයා විදේශයක නැවක සේවය කරන නාවික ඉංජිනේරුවරයකු බව හෙළිවිනැයි ද පොලිසිය කියයි. මොහු නිවාඩුවට ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදා (28 දා) බවත් ඔහු තම මිතුරන් සමග මහරගම ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට ගොස්‌ නැවත කොට්‌ටාව දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළිවූ බවත් පොලිසිය පවසයි. 

අතුරු මාර්ගයකින් එක්‌වරම දැමූ යතුරුපැදියක්‌ බේරීමට යැමේදී රථය පැදවූ ඉංජිනේරුවරයා එක්‌වරම තිරිංග තද කිරීමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි හෙළිව තිබේ. රොහල්ගතව සිටින අයගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

කොට්‌ටාව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස්‌ මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීකAෂක චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ලීලසිරි (56566), ඉන්දික (75160) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ සිදුකරති. අනතුරින් අධිබල විදුලි කනුවට මෙන්ම මෝටර් රථයටද දැඩි හානි සිදුව ඇත. ප්‍රදේශයේ විදුලි බලය ද ඇන හිට තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad