සැප වාහන බදු ගෙවීමේ සහන කාලය අදින් අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

සැප වාහන බදු ගෙවීමේ සහන කාලය අදින් අවසන්

සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අදින් (30 වැනිදා) අවසන් වන බව මෝටර් රථ කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

සුඛෝපභෝගී වාහන යටතේ සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව (ඩබල් කැබ්) වාහන මෙම බද්දට යටත් වේ. මෝටර් වාහන රක්‍ෂණය කරන හෝ රක්‍ෂණය අලුත් කරන අවස්‌ථාවේදී එම නිශ්චිත වාහන සඳහා ගෙවිය යුතු බද්දට සමාන මුදලක්‌ වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් අයකර ගත යුතු වේ.

එම අයකර ගතයුතු මුදල ගෙවීම පැහැරහැර සිටින පිරිසට දඩ මුදලකින් තොරව බද්ද ගෙවීමට මාස තුනක සහන කාලයක්‌ ලබාදී තිබූ අතර එය අදින් අවසන් වන බවද ජගත් චන්ද්‍රසිරි මහතා කීය. අදින් පසු බදු නොගෙවන වාහන හිමිකරුවන්ගෙන් බදු මුදල් සමඟ සියයට 50 ක දඩ මුදලක්‌ ද අයකර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad