ජනප‍්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර මේ වන විට අලුත් පේ‍්‍රමයක පැටලී ඇති බව වාර්ථාවේ. වෙස්වලාගෙන සිය අලුත් පෙම්වතිය මුණගැසීමට පෙම්වතියගේ නිවසට ආ ගිය විශ්වගේ සැබෑ ස්වරූපය පසුගියදා පෙම්වතියගේ නිවසේ සියල්ලන් ඉදිරියේ හෙලි කිරීමට ඔහුට සිදු වී ඇත.
එ් ඔහු අමුතුම ආකාරයේ පෙම් කතාවක් නිරූපණය කරන ඔහුගේ අලුත්ම චිත‍්‍රපටය වන සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ ‘කාල’ චිත‍්‍රපටයේ චරිතයකදීය. මෙම චිත‍්‍රපටයේ විශ්ව කොඩිකාර වෙනදා නිරූපණය කළ පුංචි තිරයේ සාම්ප‍්‍රදායික පෙම්වතාගේ චරිතයෙන් මිදී සටන් ශූර උත්තිය නම් නම් කුමාරයෙකුගේ චරිතය නිරූපණය කරනු ලබයි.
රාජ්‍ය කුමන්ත‍්‍රණයක් හෙලි කර ගැනීමට කදා වළලු වෙලෙන්දෙකු මෙන් වෙස් වලාගෙන පැමිණෙන ඔහු එහිදී තමා කවුදැයි නොඅගවා ගමේ සුරූපී තරුණියක් හා පෙමින් බැදේ. අවසානයේ ඇයගේ නිවෙසේ සියල්ලන්ටම තමන් කුමාරයෙකු බව හෙලි කිරීමට ඔහුට සිදුවේ. විශ්ව කොඩිකාර මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් කියි සිටියේ මෙය සිය රංගන ජීවිතයේ රගපාන්නට ලැබුණු වෙනස් හා අපුරූම චරිත නිරූපණය බවයි.
– A.D. සිරිවික‍්‍රම
Friday, November 3, 2017
වෙස්වලාගෙන පෙම්වතියගේ ගෙදර ගිය විශ්ව කොඩිකාරගේ අලුත් පෙම් කතාව අතේ මාට්ටු වෙයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment