අධිකරණයෙන් තිදෙනෙකු එල්ලා මරන්න නියම කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 2, 2017

අධිකරණයෙන් තිදෙනෙකු එල්ලා මරන්න නියම කෙරේ…

2005 වසාර් ජුනි 19 වන දින වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී මොහොමඩ් නිහාල් තුවාන්නැමැති පුද්ගලයෙකු ඝාතනය කිරීමෙ සිද්දියට වැරදිකරු වු තිදෙනෙකුට ඊයේ (01) වවුනියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂිමහේනද්‍රන මහතා විසින් මරණ දඩුවම නියම කලේය.

සේට්ටි කුලම් ග්‍රාමයේම පදිංචි කරුවන් වන රවින්ද්‍ර ජෝති, නේසරාජා සහ කුමාර් යන තිදෙනෙකුට මෙසෙ මරණ දඩුවම නියෝග කොට සිටි අතර ඝාතනයට සම්බන්ද වුවන් තිදෙනාගේන් දෙදෙනෙක් ඊයේ මහධීකරණයට නොපැමිණ ඇත. අදාල මිනීමැරුම් නඩුව වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වෙමින් පැවති අවස්ථාවේදී නීතිපති උපදෙස් මත 2016 ජුනි මස දෙවනදා වව්නියාව මහාධිකරණය වෙත මාරු කරනු ලැබුවා.

මරණ දඩුවම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විවෘත වරෙන්තු නියෝග ලබා දුන් අතර අධිකරණයට ඉදිරිපත්ව සිටි රවීන්ද්‍ර ජෝති නැමැත්තාට දැඩි ආරක්ෂාව මැද ඊයේ සවස අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad