අද අලුයම 4.30 ට ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් බස් රථය ඉදිරියට පැමිණ රියදුරු අසුන දෙසට
මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. සිද්ධිය වන අවස්ථාවේ මගීන් දස දෙනෙක් පමණ බස් රථයේ ගමන් කර ඇත.
සිද්ධියෙන් බස්රථයේ රියදුරු බරපතල තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment