නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් නොකියන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර නෑ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළාම රට නොබෙදෙන්නෙ කොහොමද කියලා ජනතාවට පෙන්නන්න දලස මම රාජිත සේනාරත්න ඇමතිවරයාට අභියෝග කරනවා.
අද රටේ සංහිඳියාව ඇති වෙලාද ජාතික කොඩිය එසවීම උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට ප්‍රතික්ෂේප කරනවා. අපට අන්තවාදීන් රාජිත ඇමතිවරයා ඔහුට විරුද්ධව කිසිත් කියන්නේ නෑ. මේ රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගන්න සටන් කල අපි ජාතිද්‍රෝහීන් වෙන්නේ කොහොමද. නිසි කල ආවම රටේ නීතියට අනුව දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්න වැනි අයට දඬුවම් ලබාදීම ස්ථිරයි’
Thursday, November 23, 2017
දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්නලාට නිසි කල ආවාම දඬුවම් දීම ස්ථිරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment