මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් 9 දෙනෙකුට විභාගය සමත් වීමට නොහැකියැයි කියා විදුහල්පතිවරයා විසින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදුන් පුවතක් මහවින් වාර්තා වේ.
මහව මාඑළිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගේ මෙම තීන්දුවත්
සමගම මෙම සිසුන් 9 දෙනා පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන මාස 4ක්ද ඉක්ම ගොස් ඇත. මේ පිළිබඳ අප කළ විමසීමකදී විදුහල්පතිවරයා කියා සිටියේ මෙම ළමුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ නම් නිසැකයෙන්ම අසමත් වන බවයි.
ළමුන්ගේ වාර පරීක්ෂණ ලකුණු මට්ටම අධීක්ෂණය කිරීම මඟින් ඒ පිළිබඳ පැවසිය හැකි බවත් නිසැකයෙන්ම ළමුන් විභාගයෙන් සමත් කිරීම සඳහා මෙවැනි පියවරක් ගත් බවත්විදුහල්පති වරයා කීය. මේ පිළිබඳ අදහස් දක්වමින් පසල හැරගිය දරුවෙකුගේ මව කියා සිටියේ, කිසිවිටෙකත් තම දරුවාගේ අනාගතය තීරණය කිරීමට විදුහල්පතිවරයාට අයිතියක් නැති බවයි.
ළමයි කෙතරම් දඟ කළත් ඔහුට හෝ ඇයට විභාගය සඳහා පෙනී සිටිමට ඉඩ සළසා දීම මව්පියන් වශයෙන් තම අභිප්‍රාය බවත්, ඒ සඳහා වසර 11ක් පුරාවට බොහෝ කැප කිරීම් කර අවසානයේ විදුහල්පති මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත් සාධාරණ නොවන බවත් මව්පියයෝ චෝදනා කරති.
රජය ළමුන් සඳහා පාසල් අධ්‍යාපනය වසර 13 ක් අනිවාර්ය කර තිබියදීත් තම පාසල් නාමය යටතේ විභාග සඳහා පෙනී සිටින ළමුන් සියලු දෙනා ඉහළ ලකුණු මට්ටමකින් සමත් විය යුතුයැයි විශ්වාස කරන මෙවන් පාසල් ප්‍රධානීන් සමග රජය සිය අරමුණු මුදුන් පමුණුවා ගන්නේ කෙසේදැයි ප්‍රදේශ වාසීහු ප්‍රශ්න කරති.
Thursday, November 23, 2017
විභාගේ පාස් වෙන්න බැහැයි විදුහල්පති පේන කියා සිසුන් 9ක් අනාථ කරයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment