රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 14, 2017

රනිල්ට අගමැතිකමින් ඉවත්වන්නැයි ජනාධිපති දන්වයි..? රනිල්ට කපන්න මට බෑ මංගල කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ බෙල්ල කපා දෙන අගමැතිකමක් තමන් බාර ගැනීමට කිසිසේත්ම සූදානම් නැති බව ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඇමතිමරයා සදහන් කරන්නේ තමන් ජීවිතයේ කිසිදු දිනෙක තම පක්‍ෂ නායකයාට එරෙහිව කටයුතු කර නැති බවත් මතුවන ඔ්නෑම ගැටළුවක් පක්‍ෂය තුලම සාකච්චා කර විසදාගෙන ඇති බවත්ය. බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට කර ඇතැයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් කල විමසීමකදී සමරවීර ඇමතිවරයා මේ බව සදහන් කලේය.

වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් නව අගමැති ලෙස කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර යන අයගේ නම් යෝජනා වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි විසින් කර ඇති වාර්තාවන් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ එම වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad