පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කණ්ඩායම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
පසුගිය 12 වනදා පුත්තලම, කුරුණෑගල මාර්ගයේ ඩිපෝව ආසන්නයේදී
ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී තිබුණි. පහර කෑමෙන් තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර අදාළ සැකකරු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඊට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
Tuesday, November 14, 2017
තමන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගන්න PHIලා ස්ට්‍රයික්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment