සති අන්තේ සැමියා සමග සතියේ දින අනියම් සැමියන් සමග ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

සති අන්තේ සැමියා සමග සතියේ දින අනියම් සැමියන් සමග ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට

සති අන්තේ සැමියා සමග
සතියේ දින අනියම් සැමියන් සමග
ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට

තමන්ගේ සැමියා සතිඅන්තයේ පමණක් නිවසට එන බැවින් ඉතිරි දිනවල විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කිරීමට ඇබ්බැහිවූ කාන්තාවක එම අනියම් පුරුෂයින් දෙදෙනෙකුගේ පටලැවිල්ලකින් පසු අනියම් පුරුෂයෙකු සමග ඝාතනයට ලක්වන්නට සිදුවූ පුවතක් දැරණියගල මාලිබොඩ - රංවල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම විවාහක කාන්තාව අනියම් පුරුෂයා සමඟ නිවෙසේ සිටියදී එම නිවෙසට පැමිණි ඇගේ වෙනත් අනියම් පුරුෂයකු  ඔවුන් දෙදෙනාව කපා කොටා මරා දමා ඇත්තේ නිවසේ දරුවන් දෙදෙනෙකුද සිටියදීය. ඔහු ඔවුන්ටද තුවාල සිදු කර ඇත. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ රංවල - මාලිබොඩ ලිපිනයේ පදිංචිව සිටි රංවල ගමරාලලාගේ කාන්ති හේමලතා (45) සහ දෙව්පහළ කුරේලාගේ රූපසිංහ (55) නමැති අයයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුරුෂයා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන අතර සති අන්තයේ පමණක් නිවෙසට පැමිණ ඇත. 

ඝාතනය සිදු වූ අවස්ථාවේ බිරිය හා දරුවන් දෙදෙනා නිවෙසේ සිටියදී ඝාතනයට ලක්වූ අනියම් පුරුෂයා පැමිණ ඇති අතර මඳ වේලාවකින් අනෙක් අනියම් පුරුෂයාද නිවෙසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් මෙම ගැටුම ඇති වී ඇත. මෙහිදී ඝාතකයා විසින් ළමයින් දෙදෙනාටද පිහි පහර එල්ල කර ඇති අතර එම දරුවන් මේ වන විට අවිස්සාවේල්ල හා කොළඹ ජාතික රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ඝාතන දෙක සිදු කිරීමට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

තුවාල ලැබූ දරුවන් සිව් හැවිරිදි සහ සත් හැවිරිදි වියේ පසුවන්නියන්ය. දරු දෙදෙනා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ගනිමින් සිටිති.  කාන්තාව ඝාතනය කළ ස්‌ථානයට මීටර් 60 ක්‌ පමණ දුරකින්  අනියම් සැමියාගේ සිරුර පොලිසියට හමුවී ඇත. මියගිය අයගේ සිරුරු අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හා මරණ පරීක්ෂණ අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad