ආනමඩුව නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා ගමගේ නම් ගුරුවරියක පාසල් වේලාව තුළ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීම හේතුවෙන් පුත්තලම මහාධිකරණයෙන් වරදකරු බවට පත්වූ ආනන්ද සරත් කුමාරට පසුගියදා ආනමඩුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරය හිමිවී තිබීම කථාබහට ලක්ව තිබේ.
මෙම අපකීර්තිමත් ක්‍රියාකලාපය නිසා ඔහුට ඒ ආසන්න මැතිවරණය පවා පරාජය වන්නට සිදුව තිබුණ අතර ගුරු සංගමය මෙම නව පත්වීම විවේචනය කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද සහභාගීවූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ගුරුවරිය දණ ගැස්වූ ආනන්ද සරත් කුමාර මෙසේ කියා ඇත." වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා.
ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම ගෞරවනීය විදිහට පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා. මේ සංවිධායක තනතුර භාර අරගෙන මම සති දෙකක් බලාගෙන හිටියා. ඕන කෙනෙකුට මඩ ගහන්න ඉඩ දීලා. නමුත් මේ අය තවත් මට එළව එළවා පහරදෙනවා. මගෙන් යම් වැරද්දක් වුණා; මම දඬුවම් වින්දා දැන් ඒක ඉවරයි. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරිය කියලා නෑ අඩුම තරමින් මං රවලා බැලුවවත් කියලා. මම ආනමඩුව සංවිධායක ධූරය ඉල්ලලා සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ ඉදලා.
නමුත් මම අදටත් පණ වගේ ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයවත් මට මේක දුන්නේ නෑ. නමුත් පහුගිය මැතිවරණෙදි මහින්ද මහත්තයාගේ වේදිකා වල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ එතුමා මට මේ සංවිධායක කම දෙයි කියලා.“
Tuesday, November 7, 2017
Home
දේශපාලන පුවත්
වරදක් කළා තමයි ඒත් ඒක සුළු දෙයක් නව සංවිධායක ධූරයට පත්වූ ගුරුවරිය දණගැස්සූ හිටපු මන්ත්‍රී
වරදක් කළා තමයි ඒත් ඒක සුළු දෙයක් නව සංවිධායක ධූරයට පත්වූ ගුරුවරිය දණගැස්සූ හිටපු මන්ත්‍රී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment