දොම්පේ මල්වාන හාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්‌කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් මැඳුරක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 09, 16, 23 සහ මැයි මස 07, 16 සහ 22 යන දිනයන්හිදී විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (23 දා) තීරණය කළේය.
ඊයේ සවස 2.15 ට ගම්පහ මහාධිකරණයේදී නඩුව කැඳවූ අවස්‌ථාවේදී පළමුවැනි විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතා මහාධිකරණයේ පෙනී සිටි අතර දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේෂන් මහතා මහාධිකරණ අවසර මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්‌ගතව ඇති හෙයින් ඊයේ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
අධිචෝදනා පත්‍රයේ අඩුපාඩුවී තිබූ ලේඛන සහ සාක්‌ෂි සටහන් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කොට දෙවැනි විත්තිකරුගේ නීතිඥයන්ට ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ කටයුතු කරනු ලැබීය. පළමු විත්තිකරුගේ නීතිඥයන්ට අවශ්‍යව තිබූ ලේඛන සහ සාක්‌ෂි සටහන් ද දෙන ලදී.
එම ලේඛන සහ සාක්‌ෂි සටහන් පරීක්‌ෂාකර බලා වැරදි ඇත්නම් නිවැරදි කර ගැනීම සඳහා නඩුව නැවත මේ මස 29 වැනිදාට ගම්පහ මහාධිකරණයේදී කැඳවීමට නියම කෙරුණි. තිස්‌ස ගුණවර්ධන, චානක කපුරුබණ්‌ඩාර, ඩී. ඒ. පී. වී. රත්න යන නීතිඥයන් ඇතුළු කණ්‌ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පළමු විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
Friday, November 24, 2017
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment