විමල් වීරවංශ හදිසියේ අසනීප වෙයි.. රෝහල් ගත කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

විමල් වීරවංශ හදිසියේ අසනීප වෙයි.. රෝහල් ගත කෙරේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති සාකච්චාවකට සහභාගී වීමෙන් පසු ආපසු එන අතරවාරයේදී මන්ත‍්‍රිවරයා මෙසේ අසනීප වී තිබේ.

රෝහහ් ගත කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයාට වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක්ම කර ඇති අතර ඔහුගේ තත්වය බරපකල නොවන බවද වාර්තා වෙයි. ඒ අනුව වීරවංශ මහතාට හෙට පස්වරුව හෝ අනිද්දා පෙරවරුව වන විට රෝහලෙන් නික්මිය හැකි වනු ඇති බවද සදහන්ය. හෙට පෙරවරුවේ ජතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද වීරවංශ මහතා රෝහල්ගත කිරීම හේතුවෙන් අත්හිටුවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad