මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල වසර 10කට රජය විසින් බදු ගැනීමක් මිස රජයට පවරා ගැනීමක් සිදු වී නැති බව කොළඹදී අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම චෝදනා එල්ල විය.අදාල ගිවිසුම අත්සන් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යංශය, නෙවිල් ප‍්‍රනාන්දු රෝහල හා ලංකා බැංකුව අතර වසර දහයක බදු බදු ගිවිසුමක් ලෙස බවත් එම වසර දහය පුරාවටම රෝහලේ අයිතිය ඇත්තේ නෙවිල් ප‍්‍රනාන්දුට බවද සදහන් විය. එමෙන්ම රජයට පවරා ගත්තේ යයි කියන රෝහලෙන් නොමිලේ ප‍්‍රතිකාර නොලැබෙන බවත් ජයවර්ධනපුර රෝහල ආකාරයේ හෝ ඒ සමාන ක‍්‍රමයකට පාලනය වනු ඇති බවද තව දුරටත් කරුණු හෙලි කරනු ලැබීය.
No comments:
Post a Comment