ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා රාත්‍රී ගැටුමක් හටගෙන තිබේ. තෙවන වසර සිසුන් සහ දෙවන වසර සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ගැටුමින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා දකුණූ කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේවෙතත් තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල ආරංචිමාර්ග සඳහන් කළේය. පැයකට අධික කාලයක් ගැටුම පැවති අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ මැදිහත්වීමෙන් අනතුරුව සිසුන් දෙපිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ. මිරිහාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:
Post a Comment