මොරටු සරසවිය තාවකාලිකව වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 2, 2017

මොරටු සරසවිය තාවකාලිකව වසා දමයි

ඩෙංගු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව ඊයේ (01) සිට සති දෙකක කාලයක් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු කල්දමා ඇති බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාලයේ සිසුන් බහුතරයක් අතර පැතිර යන උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලය අවට පරිසරය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසී ය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අනෙකුත් රාජකාරි කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බව ද මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.
එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති බව මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා සිටියේය.
පවතින තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මොරටුව සරසවියේ සිසුන් ඊයේ(01) උදෑසන මොරටුව සරසවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක ද නිතර වී තිබේ.
එමෙන්ම මාස 2ක පමණ කාලයක් පුරා පැවති මෙම තත්ත්වය හමුවේ පාලනාධිකාරිය දැනුම්වත් කළද නිසි පිළිතුරක් නොලැබුණු බවත්, ඒ සඳහා පාලනාධිකාරිය වැඩි කාලයක් ගත් බවත් මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා අද දෙරණට කියා සිටියේය.
කෙසේ නමුත් ඊයේ දිනයේ සරසවි භූමියේ සිදු කළ නිරීක්ෂණවලදී එය සිසුන්ට ගැවසීමට නුසුදුසු තත්ත්වයක පැවතීම හේතුවෙන් එය වසා දැමීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad