දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (11) තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පෙරවරුවේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බව එම ආරංචි මාර්ග පැවසී ය. මාස 28 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මේ අනුව අහෝසි වනු ඇත.
එම කාර්යාලය සඳහා මේ වන විට ලැබී ඇති පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිට යොමු කිරීමට ද තීරණය කර ඇත. කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසක් කියා ඇත්තේ මෙම කාර්යාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සුදුසු බවයි. ජනාධිපතිවරයා ඇතුළු තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ එය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් පළක් නැති බවයි.
අවසානයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය පොදුවේ එකඟත්වය පළ කර තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය පසුගිය ජුනි 30වනදායින් අවසන් වූ අතර නිල කාලය වසරකින් දීර්ඝ කරන්නැයි ඉල්ලා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබිණි.

No comments:
Post a Comment