අන්තර්ජාලය තුළින් ළමා මනස විකෘති වීමට වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවි මගින් ප්‍රචාරය කරන වීඩියෝ ඡායාරූප හා ලිපි හේතුවන බවට පසුගිය කාලයේ විවිධ සාකච්ඡා ඇති විය. ඇතැම් රටවල් මේවා සීමා කිරීමට එවැනි වෙබ් අඩවි අවහිර කිරීම සිදු කළත් එය සාර්ථක විසඳුමක් නොවූ බවද පසුව වාර්තා විය.
මේ ගැටලුවට විසඳුමක් ලෙස රුසියානු පරිපාලනය අලුතින් නීතියක් ගෙන එමින් දන්වා ඇත්තේ වැඩිහිටි වෙබ් අඩවි සියල්ලට ඇතුලුවීමේදී වයස 18 ට වැඩි බව තහවුරු කිරීම අනිවාර්ය බවයි. මෙම තහවුරුව කාටත් පහසුවෙන් වංචා කළ නොහැකි ලෙස පාස්පෝට් අංක පරීක්ෂාව සමග ඉදිරිපත් කළ යුතු බව නිවේදනය කර තිබේ.
කිසියම් අයෙකුට අවුරුදු 18 සම්පූර්ණ නැතිනම් ඒ අනුව වෙබ් අඩවියට ඇතුළුවීමට අවස්ථාව නැත. බාල වයස්කරුවෙකු වැඩිහිටියෙකුගේ පාස්පෝට් අංකයක් භාවිත කර ඇතුලුවීමට උත්සාහ කළොත් ඒ පිළිබඳ දැනුවත් කරන එස්එම්එස් පණිවිඩ ලබාදීමේ ක්‍රමයක්ද සක්‍රීය කර ඇති අතර දෙමාපියන්ට අවශ්‍ය නම් පාස්පෝට් අංකයට අදාළ ලොග් රෙකොඩ් ලබාගැනීමේ පහසුකමද සලසා ඇත.
රුසියාවේ Vkontakte අන්තර්ජාල පද්ධතිය මෙම වාරණය සම්බන්ධයෙන් තාක්ෂණික මැදිහත්වීම සිදු කරයි. ‘පෝර්න් හබ්‘ නමින් ප්‍රකට වැඩිහිටි වෙබ් අඩවිය පසුගිය වසරේ රුසියාවේ තහනම් කළේ බාලවයස්කරුවන්ට ඇතුළුවීමට පහසුකම් සලසන බැවිනි. නමුත් දැන් එම වාරණය ඉවත් කර නව ආරක්ෂණ ක්‍රමවේදය යටතේ සක්‍රීය කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
Wednesday, July 12, 2017
රුසියාව වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි වලට ඇතුළුවීමට පාස්පෝට් අනිවාර්ය කරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment