මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමඟ අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය. ඒ අනූව මහරගම පිළිකා රෝහල සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයද උපරිම සහය ලබාදුන් අතර ඒ සඳහා සුවහසත් මෙත් සිත් ඇත්තන් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් අතර එයට රුපියල් කෝටි 20 ක මුදලක් ජනතා ආධාර වශයෙන් එක් කර ගැනීමට හැකි විය.
කෙසේ හෝ අද දිනයේ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අනුමැතිය හිමි වීම මනුසත් දෙරණේ ද ජයග්‍රහණයක් වන අතර ඒ සඳහා දායකත්වය ලබා දුන් සුවහසක් සහෘද ජනතාවට අපගේ උත්තමාචාරයට හිමිවනු ඇත.
- අද දෙරණ
- අද දෙරණ
No comments:
Post a Comment