මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160 ක භූමි ප්‍රමාණයක් මුස්ලිම් වැසියන්ට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ පෙලපාලිය අවසන් වූවේ පූලාංමුරිප්පු මන්සන්ධියෙනි.
මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටියේ යුද්දයට පෙර සහ පසුව සිටම දෙමළ ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ වෙනත් පාර්ශවයකට ලබා දීම දැඩි අසාධාරණයක් බවටත් මේ වන විට මුලතිව් පූලංමුරිප්පු රක්ෂිතයෙන් ඉඩම් අක්කර 160 ක් මුස්ලිම් ජනතාවට ලබා දී එම වැසියන් නැවත පදිංචි කරවීමේ සූදානමක් ඇති හෙයින් එම ක්‍රියාවට තමන් දැඩි සේ විරෝධය පා සිටින බවටයි. එමෙන්ම දෙමළ ජාතාවගේ උරුමය සංස්කෘතිය ඉඩම් වෙනත් ජාතියකට ලබා නොදී එම ඉඩම් වල ඉඩම් නොමැති දෙමළ වැසියන්ම නැවත පදිංචි කරවීමට බලධාරීන් පියවර ගත යුතු බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tuesday, July 18, 2017
මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment