ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස රවි ශාස්ත්‍රී තෝරාගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස රවි ශාස්ත්‍රී තෝරාගැනේ

ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එරට සිටි ප්‍රකට ක්‍රීඩකයෙකු හා විස්තර විචාරකයෙකුවූ රවි ශාස්ත්‍රී තෝරාගෙන ඇතැයි එරට පුවත්පත් වාර්තා කර තිබේ. මෙම පුහුනුකාර ධූරයට විරේන්ද්‍ර ෂෙවාග් හා ටොම් මූඩි ද තේරුම් ලැයිස්තුවේ නිර්දේශ නම් අතර සිටි නමුත් ඊයේ රාත්‍රී වනවිට ශාස්ත්‍රි පත්කිරීමේ තීරණය ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබේ.

2019 ලෝක කුසලානය තෙක්ම ශාස්ත්‍රි මෙම තනතුරේ කටයුතු කරනු ඇතැයි පැවසේ. මින් ඉහත 2007 හා 2014-16 කාල වල ඉන්දීය කණ්ඩායම් කළමනාකරු ලෙසද ඔහු කටයුතු කර ඇත. මේ අතර ඉන්දීය පිලේ පන්දු යැවීමේ පුහුනුකුරු ලෙස සහීර් කාන්ද පිතිකරු පුහුණුකරු ලෙස රහුල් ඩ්‍රාවිඩ්ද කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad