‘අපිට වැරදුණා… එක එක්‌කෙනා කියපු බොරුවලට අපි අහුවුණා.. දැන් අපිට තේරෙනවා’ – ගම්වැසියේ නාමල්ව වට කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 1, 2017

‘අපිට වැරදුණා… එක එක්‌කෙනා කියපු බොරුවලට අපි අහුවුණා.. දැන් අපිට තේරෙනවා’ – ගම්වැසියේ නාමල්ව වට කරති

ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයවන රැස්‌වීමක්‌ ලබන සඳුදා (3 දා) සවස 2.00 ට ත්‍රිකුණාමල නගරයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු යොදා තිබේ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්‌වීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා එකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පසුගිය සති අන්තයේ ත්‍රිකුණාමලයට ගියහ. 

ත්‍රිකුණාමලයේ සියලුම ග්‍රාමසේවා වසම් ආවර්ණය වන පරිදි මෙම රැස්‌වීම් සංවිධානය කර තිබුණි. රෝහිත, මහින්දානන්ද, වෙල්ගම, ඩලස්‌, පවිත්‍රා, ප්‍රසන්න රණවීර, විමලවීර දිසානායක, ජයන්ත සමරවීර වැනි මන්ත්‍රීවරු ඒ අනුව පසුගිය සති අන්තය ගතකළේ ත්‍රිකුණාමලයේ ඈත ගම් දනව් තුළය. ත්‍රිකුණාමලයට යැමට ගිය නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සිකුරාදා රාත්‍රිය ගත කළේ අනුරාධපුරයේය. ඔහු සමඟ ඩී. වී. චානක සහ ශෙහාන් සේමසිංහද විය. එදින දහවල් ශෙහාන්ගේ නිවසින් දිවා ආහාරය ගත් නාමල් ඇතුළු පිරිස ගෝමරංකඩවල ප්‍රදේශයට ගියේය. 

මහින්දගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වෙන රැස්‌වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි අරමුණ විය. ගෝමරංකඩවල ගිය නාමල්ලා වටකර ගත් එහි වැසියෝ තමන් මුහුණ දෙන දුෂ්කරතා රැසක්‌ නාමල්ලාට කීවෝය. අපි ගැන බලන්න කවුරුවත් එන්නේ නැහැ. ඔබතුමාලා ආපු එක ලොකු දෙයක්‌ ඔවුහු කීවේය. අපිට අද බොන්නවත් වතුර නැහැ. මහින්ද මහත්තයාගේ කාලේ අපිට වතුර බොන්න ළිඳක්‌ හදලා ටැංකියත් ගැහැව්වා මේ ආණ්‌ඩුවට අවුරුදු 2 ක්‌ ගිහිල්ලත් ඒක විවෘත කරගන්න බැරි වෙලා. ගොමරංකඩවල වැසියෝ නාමල්ට කීහ. 

මේ ආණ්‌ඩුවට ළිඳක්‌ තියා බොක්‌කුවක්‌වත් හදන්න බැහැ. නාමල් ඔවුන්ට පැහැදිලි කළේය. ගොමරංකඩවල රැස්‌වීම් වලින් පසුව නාමල් ඊයේ ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ රැස්‌වීම්වලට ගියේය. එහිදී මුස්‌ලිම් ගම් වැසියෝ නාමල් වටකර ගත්හ. අපිට වැරදුණා අපිට එක එක්‌කෙනා කියපු බොරුවලට අපි අහුවුණා දැන් අපිට තේරෙනවා අපි කරපු වැරැද්ද ඒක නිවැරදි කර ගන්න අපිට අවස්‌ථාවක්‌ එනකනුයි අපි මේ ඉන්නේ කින්නියා රැස්‌වීම් වලදී බොහෝ මුස්‌ලිම් වැසියෝ නාමල් වටකරගෙන කීවේ එලෙසය.




Image may contain: 1 person, outdoor

Image may contain: 4 people, outdoor

Image may contain: 10 people, crowd and outdoor

Image may contain: 9 people, people smiling, people standing and outdoor

Image may contain: 18 people, crowd and outdoor

No comments:

Post a Comment

Post Bottom Ad