ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් හා දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ඊයේ (30) නිමා වූ ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ පිළිතුරු ඉනිම දියත් කරමින් සිටි සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී කඩුල්ල පිටුපසින් සිටි දික්වැල්ල අතට wide පන්දුවක් පැමිණි අතර එම අවස්ථාවේ දී පිතිකරු තම සීමාව තුල සැලකිය යුතු කාලයක් රැඳී සිටි නමුත්, දික්වැල්ල ඔහු පාදය එසවීමට ආසන්න මොහොතකට එළඹෙන විට කඩුල්ල බිඳ දමමින් stumps කිරීමකට හසුකර ගැනීමට උත්සාහ කළ සිද්ධියට එදිරිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩය හා දඬුවම් ලකුණු ප්රදානය කර තිබේ.
Saturday, July 1, 2017
දික්වැල්ලට ICC යෙන් දඩයක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment