මාලිංගට වෛරස් උණ නිසා තරගය අහිමිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 2, 2017

මාලිංගට වෛරස් උණ නිසා තරගය අහිමිවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෛරතුස් උණ රෝගයට ගොදුරු වීම හේවෙන් පැය 48 ක කාලයක් විවේක ගැන්විය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, සංචාරක සිම්බාබ්වේ පිල සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය සදහා මාලිංග සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. පළමුව එක්දින තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් සහභාගි නොවූයේ ද මෙම වෛරස් රෝගයට ගොදුරු වීම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සදහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad