දුම්රියේ යද්දී නීතිඥවරියකගේ ඡායාරූප ගත් විවාහකයා උසාවියේදී වැඳ සමාව ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 1, 2017

දුම්රියේ යද්දී නීතිඥවරියකගේ ඡායාරූප ගත් විවාහකයා උසාවියේදී වැඳ සමාව ගනී



දුම්රියේ ගමන් කරමින් සිටි තරුණ නීතිඥවරියකගේ ඡායාරූප සිය ජංගම දුරකථනයෙන් ලබාගැනීමේ චෝදනාවට වරද පිළිගෙන විවෘත අධිකරණය හමුවේදී ඇයට වැඳ සමාව අයෑද සිටි 55 හැවිරිදි විවාහක පුද්ගලයකුට වසර පහකට අත්හිටුවූ එක්‌ වසරක සිර දඬුවමක්‌ ලබාදීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (30 දා) නියෝග කළාය.

එයට අමතරව හඩ්සන් සමරජීව නමැති එම සැකකරුට රුපියල් 1500 ක දඩයක්‌ ගෙවීමට ද එහිදී නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය එම ඡායාරූප ගැනීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය රාජසන්තක කිරීමට ද නියෝග කළාය. කොටුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පවරා තිබූ එම නඩුව කැඳවූ අවස්‌ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්‌ලි හෙට්‌ටිආරච්චි මහතා සිදුවූ වැරැද්දට පැමිණිලිකාරියගෙන් සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු ස්‌වෙච්ඡාවෙන්ම සමාව ගෙන විවෘත අධිකරණය හමුවේදී සිංහල ක්‍රමයට පැමිණිලිකාර නීතිඥවරියට ආචාර කර සමාව අයෑද සිටීම කෙරෙහි අවධානය යොමු කළ මහෙස්‌ත්‍රාත්වරිය එලෙස ලිහිල් දඬුවම් නියම කළාය.

ඒ. ඡේ. ඒ. අබේනායක

No comments:

Post a Comment

Post Bottom Ad