කාලයක් රටින් පිටවෙලා ජපානේ හිටපු උමාලි මෑතක ලංකාවට ආවනේ. රයිගම්
ටෙලීස් 2016 සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය බොහිමියානුව නුරි වෙනුවෙන්
උමාලිට ලැබෙද්දී එයා සම්මානය අතට අරගෙන කීව බොහිමියානු නාට්‍යයේ
රැවුලක් වැව්වට චේ ගුවේරා වගේ
මත්වී හිටියට බොබ් මාලේ වගේ
හිත්වල කෝ බන් ආදරේ…
හිත්වල කෝ බන් ආදරේ…
ඇත්තටම උමාලි මෙහෙම කිවේ මයික් එක අල්ලන් හිටිය සාරංගටද නැත්නම් …? සම්මානය ගත්ත උමාලි ආපහු ජපන් යයිද කියල උළෙලට ආපු ගොඩක් අය එවෙලේ කතා කළා. ධනුක ඩිල්ෂාන් කියන්නේ ටෙලිනාට්‍යවලට ඇවිත් අද වෙනකොට මියුසික් වීඩියෝවල
වැඩිම මිලක් අය කරන නළුවා බවට පත් වෙලා. මියුසික් වීඩියෝස්වලට පස්සේ ධනුක
ළඟදීම සිනමාවේ වැඩ පෙන්වන්න පටන් ගන්නවා. ඒ ධර්මයුද්දේ චිත්‍රපටය හරහායි.
ධර්මයුද්ධය පටන්ගන්න කළින් අපි ධනුක එක්ක කතා කළා.
මොකක්ද මේ ලොකු සුදානම ?
මගේ මුල්ම චිත්‍රපටයේ රිලීස් එක. ධර්මයුද්දේ මේ මාසේ 14 වෙනිදා රිලීස් වෙනවා. ගොඩක් සතුටුයි.
මේ පාරත් වෙනදා වගේ සෙල්ලක්කාර චරිතයක් ද?
ඔව්. ඒත් දිශාම් චිත්‍රපටය සිංහල චිත්‍රපටය විදියට රසිකයන්ට නරඹන්න පුළුවන්. පොටෝ ගහන කොල්ලට ඉන්නේ මම.
අපිට ආරංචි මියුසික් වීඩියෝස්වලින් ධනුක අයින් වෙන්න යනවා කියලා.?
මං හිතනවා ඒක දැන් ඇති කියලා. විඩියෝස්වලින් සම්පුර්ණයෙන්ම අයින් වුණේ නෑ.
මම දැන් සිනමාවේ ඉන්න ඕනෑ කාලේ. හෙට මියුසික් වීඩියෝවලට එන නළුවට අපි පාර
කපල දෙන්න ඕනා.
චිත්‍රපටයේ රඟපාන්න ගිය ධනුකට හිතුවේ නැති වැඩක් වුණාලු නේද ?
ඔව්. ටේක් එක ඉවරවෙද්දි ඉන්දීය කැමරා අධ්‍යක්ෂකවරයා උඹ නම් මාරයි කීවා.
අන්තිමට මේ චිත්‍රපටය කළ ඉන්දියානු අධ්‍යක්ෂකවරයා මගේ චරිතය මුල්
චිත්‍රපටියටත් වඩා දිවෙන විදියට ෂූට් කළා.
ප්‍රංශයට ගිහින් ෂූට් කළ ලව් ඉන් පැරිස් මඟ නැවතුණා ලු නේද ?
ඔව්. ඒ දවස්වල ප්‍රංශ බෝම්බ කේස් එකක් ගියානේ. තව Dark 24 hours චිත්‍රපටය
රූගත කිරීම් ඉවර වෙනවා. ඊටපස්සේ ජර්මන් චිත්‍රපටයකත් රඟපානවා.
එතකොට ධනුක හදිසියේම ජපානෙට යන්නේ ඇයි?
මියුසික් වීඩියෝ එකක ෂූට් එකක් තියෙනවා.
ජනයුගය – 2017-07-01
Saturday, July 1, 2017
හොඳම නිළිය ජපන් යයිද ? ධනුක හදිසියේම ජපානෙට ?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment