කලා ලෝකයේ තරු සුවඳ කරපු රහස් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 1, 2017

කලා ලෝකයේ තරු සුවඳ කරපු රහස් මෙන්න

මේ පාර ඔයගොල්ලෝ කැමතිම ආටිස්ලගේ සුවඳ අරන් තමා මේ ඉරිද රතු රෝස Life Style ආවේ. අපි බලමු අපේ ආටිස්ලාගේ සුවඳ කොහොමද කියලා.

ඕෂධී හේවාමද්දුම
මම සුවඳ ගැන ගොඩක් හිතන කෙනෙක්. උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ජිවිතයටත් පර්ෆියුම් එක ගොඩක් වැදගත් වෙනවා. මම එකම පර්ෆියුම් එක පාවිච්චි කරන්නේ නැහැ. කාලෙන් කාලෙට ඒක වෙනස් වෙනවා. මේ දවස්වල පාවිච්චි කරන්නේ DKNY Green Apple Perfume එක. ඊට ඉස්සරවෙලා පාවිච්චි කළේ එලිසබෙත් අඩේන්. මං ළඟ පර්ෆියුම් එකතුවක් තියෙනවා. ඒ අතර සල්ලි දීලා ගන්න පර්ෆියුම් වගේම තෑගී ලැබුණු ඒවත් තියෙනවා.

වත්සලා දියලගොඩ
Vectoria Secret Perfume එක ලොකු කාලයක් ඉඳන්ම මගේ සුවඳේ රහස වුණා. ඒ වගේම 212 Perfume. Versace Bright Cristol, Bulgari කාලෙන් කාලෙට පාවිච්චි කළා. උත්සවවලට වගේම ගමනේදී බිමනේදී වික්ටෝරියා සික්‍රට් වලින් හමන සුවඳටත් එකේ කුකී ස්මේල් ඒකත් ගොඩක් කැමතියි.

දුෂ්‍යන්ත් වීරමන්
මම Devedot Cool Water Perfume එක අවුරුදු විස්සක ඉඳන් පාවිච්චි කරනවා. ඊට අමතරව Ck Original, Isiniyani Brand අතරින් පතර ගමන්වලදී හොඳ සුවදක් ලබා දෙනවා.

ෂෙහානි කහඳවල
මම Miss Diorphdire මාස දෙක තුනක ඉඳන් පාවිච්චි කරනවා. ඒ වගේම පාටිවලටත් වෙනස් පර්ෆියුම්වලින් සුවඳ වැඩිකර ගන්නවා.

රොෂාන් රණවන
පර්ෆියුම් එකක් පාවිච්චි කරන එක ආටිස් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනවා. ආටිස්ලා පිරිසක් එක්ක ගැවසෙද්දී එයාට පර්ෆියුම් එකකින් ලැබෙන්නේ ලොකු උදව්වක්. ඉතින් මගේ Life එකට Chanel Blue පර්ෆියුම් එක එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ සුවඳට මං ගොඩක් කැමතියි.

බුවනි

දැනට මං ළඟ තියෙන්නේ VIP 212 පර්ෆියුම් එක. ඒ පර්ෆියුම් එක අවුරුදු හයක විතර ඉඳන්ම මගේ සුවඳ බවට පත්වුනා.

මේනකා මධුවන්ති
මම පර්ෆියුම් ගැන ගොඩක් හිතන කෙනෙක්. විශේෂ අවස්ථාවලදී වගේම පාටිවලදී සුවඳවත්ව ඉන්න මම ගොඩක් කැමතියි. දැනට අවුරුදු දෙකක විතර ඉඳන් Versace Crystal Noir මගේ සුවඳ වුණා. රටින් පිටට ගියාම Versace Brand එක ගන්නවා. නිළියක් වුණාම සුවඳ ගහන්න ඕනනේ. ලැබෙන තෑගී අතරෙන් මම කැමතිම පර්ෆියුම් ලැබෙනවට.

ජනයුගය – 2017-07-01

No comments:

Post a Comment

Post Bottom Ad