පියෙක් අනියම් බිරිඳ සමග එක්ව සිය දියණිය පැහරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් හලාවතින් වාර්තා වුණා. හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේ පාලු ප්‍රදේශයකට ගෙන ගොස් මෙම පහරදීම සිදු
කර ඇති අතර එහිදී ගම්වැසියන් විසින් තරුණිය බේරා ගෙන මවට භාර දී තිබෙනවා.
පහරදීම සිදුකල පියා හා කාන්තාවද ගම්වැසියන් විසින් අල්ලා ගෙන හලාවත
පොලිසියට භාර දුන් බව පහර කෑමට ලක්වූ තරුණියගේ මව නාලනී රණතුංග පැවසුවා. පහරකෑමට ලක් වූ දියණිය සඳහන් කළේ " මම නයිටා ආයතනයේ පුහුණුවට
ගිහින් ඉන්න අතර තුර මම අසනීප වුනා .සර්ලා , මට බෙහෙත් කරලා අම්මට එන්න
කියල අම්මට මාව භාර දුන්නා. හලාවත ට ඇවිල්ල පාරේ පයින් අපි යද්දී එක පාරටම
ත්‍රිවිල් එකක් ඇවිත් නතර කළා. එකේ හිටපු ගැහැනු කෙනා ඇවිල්ලා මාව එකපාරටම
අල්ලාගෙන, ත්‍රිවිල් එකට දා ගත්තා. ඊට පස්සේ තැනකට එක්කන් ඇවිල්ලා හොඳටම
ගැහුවා.
මම කෑ ගැහුවා.. එතකොට මිනිස්සු වට වුනා. ඒ එක්කම අම්මත් ආවා.
එතකොට තාත්තා කිව්වා පොලිසියට යමු කියලා.. මාව ආයේ ත්‍රිවිල් එකට දා
ගත්තා. මට ටික දුරක් යද්දී තේරුනා පොලිසියට නෙමෙයි යන්නේ කියලා. මම ආයෙත්
කෑ ගැහුවා. ඊට පස්සේ කැලයක් ලඟ නතර කරලා මට ආයෙත් හොඳටම ගැහුවා. ත්‍රිවිල්
එකේ හිටපු ගැනු කෙනත් ගැහුවා. තාත්තා මාව උස්සලා විසි කළා. ඒ වෙලාවේදී
මෝටර් බයික් සද්දයක් ආවා. එකේ ආපු කෙනා කිව්වා එකට නගින්න් කියලා.. මම බය
වුනා. මම වේදනාව පිටම දුවන්න ගත්තා. දුවල ගිහින් ගෙයකට ඇතුල් වුනා.
ඒ අය
අම්මට කතා කරලා අම්මට මාව භාර දුන්නා. ඒ වෙලාවේ බයික් එක ආවේ නැත්නම්
තාත්තා මව මරනවා. ඊට පස්සේ අපි පොලිසියට අවම තාත්තත් පොලිසියේ හිටියා.
එයාව ගමේ අය අල්ලන් ඇවිල්ල තිබුනා. තාත්තා කියන්නේ.. අම්මා දික්කසාදය නොදෙන
නිසා මට ගහනවා කියලයි. මට ඇසිඩ් ගහනවා කිව්වා. අපිව බය කරලා අපේ දේපළත්
ලියාගෙන තියෙන්නේ. අපිට සාධාරණයක් වුනේ නැහැ. ජිවත් වෙන්නේ ලොකු බයකින්." යනුවෙනි.
කෙසේවෙතත් නාලනී රණතුංග සඳහන් කර සිටින්නේ බරපතල පහර දීමක් හා පැහැරගෙන
යාමක් සිදුව තිබියදී පොලිසිය සිය සැමියා හා සැමියාගේ අනියම් බිරිය නිදහස්
කර යැවීම කෙතරම් සාධාරණ දැයි යනුවෙනි. මෙයට විරෝධය පල කරමින් අද (13 ) පෙරවරුවේ මේ කාන්තාව සහ පහර කෑමට ලක්වූ
තරුණිය මුන්නේශ්වරම් දේවාලය ආසන්නයේ විරෝධතාවයකද නිරත වුණා. පහරකෑම හේතුවෙන් තුවාල ලබා සිටි 22 හැවිරිදි දියණිය විරෝධතාවය අතරතුර රෝගී වීම හේතුවෙන් හලාවත මහා රෝහලට ඇතුලත් කිරීමටද සිදු වුණා.
Tuesday, June 13, 2017
පියෙක් අනියම් බිරිඳ සමග එක්ව දියණිය පැහැරගෙන ගොස් ඔසවා විසිකරලා (VIDEO)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment