ලසිත් මාලිංගගේ පන්දු ඉදිරියේදී උඩපන්දු අතහැරීමෙන් තරගය පරාජය වූවාදැයි විමසන ලදුව මාලිංග පවසා සිටියේ, ''මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තියෙනවා. මම මැච් එකකදී කඩුලු පහක් ගත්තොත් කවුරුත් චම්පක සර් ගැන කතා කරන්නෙ නැහැ. හැබැයි නොගත්තොත් මට බණිනවා. පන්දු රකින්නන් කියන්නෙ අවදානමක් නැතිම අය. මගේ බෝලයකට කවුරු හරි උඩපන්දුවක් අල්ලගෙන කඩුල්ලක් ගත්තහම කතා කරන්නෙ උඩපන්දුව ගත්ත එක්‌කෙනා ගැන නෙමෙයි මම ගැනයි.
හැබැයි උඩපන්දුව අතහැරියාම ඔහුට බණිනවා. කවුරු උඩපන්දු අතහැරියත් පන්දු රකින පුහුණුකරුවන්ට බැණල වැඩක් නැහැ. ක්‍රිකට්‌වල ඇත්ත මේක තමයි. ඒ නිසා කවුරු මොනව කිව්වත් බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් කියන්නෙ මොකක්‌ද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතල ක්‍රීඩකයන් ගැන ලියන්නත් ඕන.'' යනුවෙනි.
තමාට කිසිම කලකිරීමක් නැති බවත් අවස්‌ථාවක් ලැබුණොත් 2019 ලෝක කුසලාන ක්‍රීඩා කරන බවත් මාලිංග පවසයි. ''මට දැන් වයස 33 යි. ඉස්‌සර වගේ මට දැන් ලොකු දේවල් කරන්න බැහැ. සමහරවිට මම තරග දිනවන පන්දු යවන්නෙක් නොවෙන්න පුලුවන්. මෙතන ඉන්නවා සභාපති, නායකයා සහ තේරීම් කමිටුව. ඒ අය මට අවස්‌ථාවක් දුන්නොත් 2019 ලෝක කුසලානයටත් යනවා.''
No comments:
Post a Comment