සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..

පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි.

මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ.

ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්‍යක්ෂවරයෙකුටද පහර දී එම සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කරන ලදි. මේ සම්බන්ධයෙන් පඩුවස්නුවර ප්‍රගතිශීලි ජනතාව පවසනුයේ දයාසිරි අමාත්‍යවරයා මේ වනවිට දේශපාලන බලකාමයෙන් මත්වී තම බලය බලහත්කාරකමෙන් රැක ගැනීමට මැර ක්‍රියා මෙන්ම ගමේ අහිංසක ජනතාවට චන්ඩිකම් පෙන්වන්න පටන් ගෙන ඇති බවයි.

එහෙත් ඒ අතර කිහිප දෙනෙකු ප්‍රකාශ කර සිටියේ ලෝකය දිනා ලංකාව ඔලිම්පික් පදක්කමක් හිමිකර දුන් අපේ රටේ ගමෙන් පැමිණි ලෝක පූජිත ක්‍රිඩිකාවක් වන සුසන්තිකා ජයසිංහට කරන අසාධාරණය මෙන්ම ඇයව අපහසුතාවට පත් කරමින් ගෙනියන සටන සුසන්තිකාගේ නොසැලෙන ශක්තිය ඉදිරිපිට දයාසිරි ජයසේන අමාත්‍යවරයාට පසු බසින්න සිදු වී ඇති බවයි. එම ලැජ්ජාවෙන් බේරෙන්න පක්ෂ නායකත්වය ඉදිරියේ ලකුණු දාගන්න මෙවෙනි පහත් තත්ත්වයේ ක්‍රියා කිරීමට දැන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙලබි ඇති බවයි.

– FB ජාලයෙනි

No comments:

Post a Comment

Post Bottom Ad