ප්‍රාඩෝ – ලැම්බොජිනි – බුකාටි! රටේ දරුවන්ට ගින්දර දී ජවිපේ මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුතා ආතල් ගන්න හැටි (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

ප්‍රාඩෝ – ලැම්බොජිනි – බුකාටි! රටේ දරුවන්ට ගින්දර දී ජවිපේ මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුතා ආතල් ගන්න හැටි (Exclusive)

හම්බන්තොට දිස්ත්‍රික්කය සැලකෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දහස් ගණන් තරුණ ජීවිත පූජා කල දිස්ත්‍රික්කයක් ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සිය දරුවන්ගේ ජීවිත පූජා කල දහස් ගණන් දෙමව්පියන්, සහෝදර සහෝදරයින් බොහෝ පිරිසක් අදද ඒ අතීත අදුරු මතකයන් සිත්වල දරාගෙන සිටියි. හම්බන්තොට මහා තරුණ සංහාරයට නායකත්වය ලබාදී ඒ දෙමව්පියන්ගේ සිත් වලට කිසිදා අමතක නොවන ගින්නක් දුන් හම්බන්තොට ජවිපේ නායක නිහාල් ගලප්පත්ති දැන් ජීවත් වන්නේ කෙසේද? ඔවුන්ගේ දරුවන් ජීවත් වන්නේ කෙසේද?

නිහාල් ගලප්පත්තිගේ පුතා චතුර විමුක්ති ගලප්පත්තිය. ඒ දවස් වල හම්බන්තොට අම්මලාගේ දරුවන් එලොව ගියද, මේ දවස් වල හම්බන්තොට අම්මලාගේ ජේවීපී දරුවෝ මහපාරේ පොලීසියෙන් ගුටි කෑවාට චතුරලාට එසේ වෙන්නේ නැත. චතුර ගලප්පත්ති කම්මැලිකමක් ආ විගස දුවන්නේ එංගලන්තයටය. පදින්නේ ප්‍රාඩෝය.



හොදම කාරණාව නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කල යුතු යැයි උදේ හවස කෑ ගසන ජවිපේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ පුතා ඉගෙන ගන්නේ BCAS පෞද්ගලික විශ්ව විද්‍යාලයේය. කිසි දිනෙක වැටුප් නොගන්නා ගලප්පත්තිට පුතාගේ ප්‍රයිවට් කැම්පස් ගාස්තු ගෙවන්නට වන්නේ පක්ෂය සිය පක්ෂ අරමුදලෙන් ලබාදෙන මුදලින්ය.



ගලප්පත්තිගේ පුතාගේ හීනත් බොහෝ විශාලය. 2020 ජවිපේට බලය දෙමු යන තේමාවෙන් ෆේස්බුක් පෝස්ට් ශෙයා කරන විමුක්ති ගලප්පත්තිම අනික් අතට මහා මන්දිර, ලැම්බොජිනි කාර්, අධි මිලැති මෝටර් බයික් පිළිබඳවද විවිධ පෝස්ට් සිය ෆේස්බුක් ගිණුමේ ශෙයා කරයි. සිය තාත්තාගේ දේශපාලනයේම යෙදෙන පුතාට ලැම්බොජිනි ගන්නට, මන්දිර ගන්නට පක්ෂ අරමුදලින් මුදල් දුන්නොත් අප පුදුම වියයුතු නැත.




තරුණයෙකු ලෙස ඔහුටද අනික් අයට මෙන්ම ආශාවන් සහ බලාපොරොත්තු තිබේ. එසේ තිබිය යුතුය. නමුත් ඒ වෙනුවෙන් දේශපාලන ගණිකාවන් වන්නේ නම් එය ඉතාම පහත්ය.


අවසානයේදී ඔහු සිය දේශපාලනයට එරෙහි මතයක් ඉදිරිපත්වූ විට පළ කල අදහසක් අප ඔබ වෙතට ඉදිරිපත් කරන්නෙමු.


ගලප්පත්තිලා දේශපාලන බලය නැතුව පා.ම වී සිටියදී පුතාගේ කතාව, තර්ජනය කිරීම මෙසේ නම් මුගේ තාත්තාට දේශපාලන බලය ලැබුනොත් කෙසේ වෙයිද? හම්බන්තොට නාමල් කිසිසේත්ම හොද නැත. ජඩයෙකි. නමුත් ගලප්පත්තිගේ පුතාට වඩා නාමල් හොඳය. රතු රෙද්දෙන් වසා තරු පලදා එන පාහරයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස අප රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිමු

Source : harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad