සාපරාධී කටයුතුවලින් උපයන ලද මුදල් රාජසන්තක කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැලැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවලදී දෙරටේ නීති බලගැන්වීමේ අරමුණින් දෙරට අතර සාපරාධී කාරණාවලදී නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට එළැඹීමටත්, ඉන් අනතුරුව එකී ගිවිසුම් අපරානුමත කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පෙරේදා (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම සංදේශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ඊට අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය මෙසේ කටයුතු කොට තිබේ. විවිධ පුද්ගලයන් විසින් සාපරාධී කටයුතුවලින් උපයා ගන්න ලද විශාල ධනස්කන්ධයක් ස්විට්සර්ලන්තය ඇතුළු විවිධ රටවල ඇති ප්‍රධාන පෙළේ බැංකුවල තැන්පත් කොට ඇති බවට පසුගිය කාලයේදී විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා රැසක්ද එල්ල වූ අතර ඒ පිලිබඳ ලිපි ගොනුද එළියට පැමිණ තිබිණ.
Thursday, June 15, 2017
ලංකාවේ ලොක්කන්ගේ ස්විස් බැංකුවල දාපු කළු සල්ලි වලට වෙච්ච දේ මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment