කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද(15) නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් බවට අනාවරණය වී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසී ය.
පසුගිය මැයි මස 21 වනදා කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් කුරුණෑගල, කොස්කැලේ ප්‍රදේශයේදී ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එම සිද්ධියෙන් පසුව මල්ලවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ බව වාර්තා වේ.

No comments:
Post a Comment