ඇමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම ඔබාමා ඉතාමත් ආශා කළා කියලත් මිචෙල් කියනවා. ජනාධිපති ඔබාමා 1960 දශකයේ මුල් භාගයේ බලයේ සිටි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙන් පසු ඉතා පිළිවෙළට අඳින ලද ජනාධිපතිවරයා ලෙසද සැලකෙනවා.
“බලන්න! ඔබ මහජනයාගේ අවධානයට යොමු කරවීම වෙනුවෙන් මම අඳින සපත්තු, මාල සහ වළලු ආදියේ පින්තූර ගන්නවා. ඒත් මගේ ස්වාමි පුරුෂයා අවුරුදු අටක්ම ඇන්ඳ සපත්තු දෙක සහ කෝට් එක. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ” මිෂෙල් ඔබාමා මාධ්‍ය හමුවේ කියා සිටියා.


No comments:
Post a Comment