ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අද (26) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගය දින නියමයක් නොමැතිව කල් දමන බවත් ඉදිරි දිනයක් දැනුම් දෙන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා (27) සහ ඉරිදා (28) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අංක තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාග කල් දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සෙනසුරාදා (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2016/2017 සහ අනිද්දා (28) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය කල් දමා ඇත.
අදාළ විභාග පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම්දෙන බවත් දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කෙරෙන බවත් නව විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 011 2 785 230 සහ 011 2 177 075 යන දුරකතන අංකවලින් සහ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 යන ක්ෂණික දුරකතන ඇමැතුම් අංකයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

No comments:
Post a Comment